මම අද උදේම Techno ගියානෙ. හොඳ වෙලාවට උදේ 10ට ඉස්සෙල්ල යන්න පුළුවන් උනේ. (මම ගෙදර ඉඳන් හොස්ටල් එකටත් ගිහින් තමා ගියේ.) ඇයි 10ටනෙ හමුදා ප්‍රදර්ශනේ පටන් ගන්නෙ, ඊට පස්සෙ ඉතින් යන්න හරිම කරදරයිනෙ. 10ට ඉස්සෙල්ල ගියොත් කිසිම ප්‍රශ්නයක් නෑ, සිරිමාවෝ එක පැත්තෙ ගේට්ටුවෙන් ඇතුළු උනොත් කිසිම කරදරයක් බාධාවක් නැතුව යන්න පුළුවන්, කිසිම් චෙක් කිරීමක්වත් නෑ. මගෙ ලඟ පාස් එකක් තිබ්බ කියලත් වැඩක් උනේ නෑ, ඒක පෙන්නන්නවත් අවශ්‍ය උනේ නෑ කෙලින්ම ඇතුළෙ.
කොහොම හරි ප්‍රදර්ශනේ පටන් අරන් තිබ්බෙ 9ට. ඒත් සෙනඟ නම් නෑ වගේ තමා ඒ වෙලාවෙ නම්, හවස් වෙනකොට නම් සෙනඟ ටිකක් ආව. ඒත් වෙනදට වඩා නම් හරිම අඩුයි. වෙළඳ කුටිත් ටිකක් අඩුයි කියල හිතුන.
කට්ටිය අඩු ඇයි? මට නම් හිතුනෙ, ප්‍රධානම හේතුව විදිහට, “හමුදා ප්‍රදර්ශනය”. ඒක 7 වෙනිදයින් අවසන් කරන්නෙ නැතුව 11 වනදා වෙනකම් කල් දාපු එක Techno එකට එන සෙනඟ ප්‍රමානය සැලකිය යුතු ලෙස අඩු කළා. ඒකට එන අය ඒක බලල යන්න යනව, නැත්තම් මහන්සි නිසා මේ පැත්තෙ එන්නෙ නැතුව යනව. කට්ටියක් “හමුදා ප්‍රදර්ශනේ නිසා පාරවල් වහල, යන්න එන්න ගියාම හරිම කරදරයි” කියල හිතල එන්නෙ නෑ. Techno ගැන මේ පාර දැන්වීම් පළ කලත් මදිද මන්ද.
කොහොම හරි, මේ පාර, ගිය පාරටත් වඩා IESL එකට Techno එකෙන් ලැබෙන ලාභය නම් අඩුයි. ගිය සැරෙත් හිතුව තරම් ලාභයක් ලැබුනෙ නෑ. හෙටත් උදෙන්ම යන්න හිතාන ඉන්නෙ. නොගිහින් ඉන්න හිතුවට හෙටත් යන්න තීරණේ කළා.
මම කස්ටියට ආරාධනය කරනව ඇවිත් Techno 2009 බලන්න කියල. මම ඉන්නෙ “JIY” කුටියෙ. (හැබැයි මම හැමතැනම කරක් ගහනව. එක තැන නම් ඉන්නෙම නෑ. හික්ස්.)
Techno 2009 ගැන October 10, 2009
වැඩ ඉවරයි, පුදුම සැහැල්ලුවක්. October 9, 2009
වසරේ කනිෂ්ඨ නව නිපැයුම්කරුවා තේරීමේ තරඟය September 19, 2009
මේ වසරේත් කනිෂ්ඨ නව නිපැයුම් කරුවා තේරීමේ තරඟයේ තේරීම් කටයුතු, පසුගිය මාස 2 තුළදී සිදු උනා. මේ සඳහා ලංකාව පුරා විසිරී ඇති පාසල් වල සිටින සිසු දරු දැරියන් සහභාගි උනා. අද තමයි එහි අවසාන වටයේ තරඟ පැවැත්වුනේ. අවසන් වටය සඳහා තේරුනු සිසුන් 70 දෙනෙකුගේ නව නිපැයුම් අද විනිශ්චයට භාජනය උනා. ඒවායින් හොඳම 25 මෙහිදී තෝරා ගැනෙනවා. එම 25න් 1,2 හා 3 ස්ථාන තෝරා ගැනෙනවා. ඒවා තෝරා ගැනීමේ සාකච්ඡාව හෙට උදයේ පැවැත්වීමට නියමිතයි.
හරි, දැන් ඒ ඇති, සමහරු නම් දන්නව ඇති, නමුත් සමහරු බලනව ඇති මොකද්ද බොලේ මේ කියල. හරි හැමෝටම දැනගන්න කියන්නම්කෝ.
“වසරේ හොඳම කනිෂ්ඨ නව නිපැයුම් කරුවා” (Junior Inventor of the Year – JIY) කියන්නෙ ජාතික ඉංජිනේරු ආයතනය (Institution of Engineers Sri Lanka – IESL) මගින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන තරඟයක්. මෙය පාසල් සිසු දරුවන් ඉලක්ක කරමින් පැවැත්වෙන්නක්. ළමුන්ගේ නිර්මාණාත්මක චින්තනය දියුණු කිරීමට උනන්දු කරවන වැඩසටහනක්. ඔයාල “Techno” ප්‍රදර්ශනය නරඹල තිබෙනවනම් දැකල ඇති “Junior Inventor of the Year” කියල ප්‍රදර්ශන කුටියක්. ඒ අර කිව්ව අවසන් 25 දෙනාගේ නිපැයුම් ප්‍රදර්ශනය කිරීමට සැකසූ ප්‍රදර්ශන කුටිය.
1 වසරේ සිට 13 වසර දක්වා ඕනෑම සිසුවෙකුට සිසුවියකට මෙම තරඟය සඳහා සහභාගිවිය හැකියි. අවශ්‍ය වන්නේ නව නිපැයුමකට සරිලන නව්‍ය වූ අදහස් තිබීම පමණයි. එය භෞතික තත්වයට පත් කිරීමේ හැකියාව තිබෙනව නම් තවත් හොඳයි.
දැන් කියන්නම් විශේෂම දේ. අර කිව්ව 25 දෙනාගෙන් තෝරා ගන්න 10 දෙනෙක් ජාතික විද්‍යා පදනමෙන් (National Science Foundation – NSF) යෝජනා කරන තවත් 10 දෙනෙකුත් සමඟ කරන තවත් තරඟයකින් පසු ඉන් තෝරාගන්න දෙදෙනෙකුට ඇමරිකාවේ පැවැත්වෙන අන්තර්ජාතික නව නිපැයුම්කරුවන්ගේ තරඟයට (International Science and Engineering Fair – ISEF) ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගි වීමට අවස්ථාව ලැබෙනව. එම තරඟයට සම්පූර්ණ අනුග්‍රහය දක්වන්නෙ අපි හැමෝම දන්න Intel ආයතනය.
අර මුලින් කිව්ව 25 දෙනාගේ ඉතිරි අයට, වටිනා සහතිකපත් වගේම මුදල් ත්‍යාගත් හිමි වෙනවා. දැන් කට්ටිය බලයි, මම එතන මොන මඟුලක් කළාද කියල. මම ඒ සමඟ පසුගිය අයුරුදු 2ක් සහභාගි උනා. එහි සංවිධාන කටයුතු වලට හා විනිශ්චයන් සඳහා සහය වීම තමයි මම කරන්නේ. මා සමඟ අපේ විශ්ව විද්‍යාලයේ තවත් මගේ මිතුරෙක් (සන්ජය විපුල) මේ සඳහා සහය වෙනවා.
ඉතින් අද මොකද උනේ කියල ටිකක් කියන්නම්කෝ. අද උදෙන්ම මම එතනට ගියා. (IESL එකට, එතන තමා විනිශ්චය කටයුතු කෙරුනෙ.) අර කිව්ව අන්තිම 70 දෙනා එම ස්ථානයට පැමිණිලා හිටියා. (දෙතුන් දෙනෙක් නම් ඇවිල්ල හිටියෙ නෑ, සමහරු පරක්කු වෙලත් ආව.)
උදෙන්ම ළමුන් සඳහා දේශන කිහිපයක්, පසුගිය වසරේ ලංකාව නියෝජනය කරමින් ඇමරිකාවේ පැවතුනු අන්තර්ජාතික තරඟයට සහභාගිව අදාළ ක්ෂේත්‍රයෙන් (Electrical and Mechanical Engineering) තෙවන ස්ථානය දිනාගත්තු සිසුවාගෙන් (චන්දුල පද්මසිරි- කොළඹ ආනන්ද විද්‍යාලය ) ඉදිරිපත් කිරීමක්, සහ සහතික පත්‍ර හා ශිෂ්‍යත්ව බෙදා දීමක් සිදු කෙරුනා.
විශේෂ ආරාධිත අමුත්තා උනේ IESL හි සභාපති වරයා. මොරටුව විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ පීඨාධිපති තුමනුත් මෙම අවස්ථාවට සහභාගි උනා. එතුමන්ගේ කතාව නම් ඉතාම හරවත් හා හැමදාම වගේ සිත්ගන්නා සුළු උනා.
වැදගත් දෙයක් කියන්න ඕනෙ. මෙවර වෙනදාට වඩා ළමුන්ගේ නිර්මාණ වල අඩුපාඩු විශාල ප්‍රමාණයක් තිබුනා, ඒක බොහෝවිට මෙවර සහභාගි වූ ළමුන්ගේ නොතේරුම්කම නිසා සිදුවූවක් වෙන්න පුළුවන්. මම හිතන්නේ බොහොමයක් ළමුන් මේ “නව නිපැයුමක්” කියන වචනයේ තේරුම හරි හැටි දන්නෙ නෑ. හුඟක් අය හිතන්නෙ නව නිපැයුමක් කියන්නෙ මොකක් හරි හදන එක කියල, ඒක මේ ලෝකෙ තිබුනා හෝ නැතා. නමුත් නව නිපැයුමක් කියන්නෙ අළුත්ම නව්‍යමය අදහසකට. ඒ වගේ දෙයක් මීට පෙර , මේ ලෝකය තුළ නොතිබිය යුතු දෙයක්. ඒක හුඟාක් සරළ හෝ සංකීරණ අදහසක් වෙන්න පුළුවන්. එම අදහස නිර්මාණාත්මක ලෙස ලෝකයාට ප්‍රයෝජනවත් ලෙස කුමන හෝ ආකාරයකින් ඉදිරිපත් කරන්න හැකියාව ඇත්නම් එතනදී නව නිපැයුමක් එළි දැක්වෙනවා.
මේ දවස් වල වැඩ July 30, 2009
මෙ දවස් ටික නම් ටිකක් කාර්යබහුලයි. (එත් නිකං ඉන්න වෙලාවලුත් බහුලයි
, මොකද කිව්වොත් අපේ අර මම කිව්ව ප්‍රොජෙක්ට් එකේ ස්ක්‍රීන් ශොට්ස් ටිකක් යවන්න ඕනෙ අද හෙටම, ඊලඟට වැදගත්ම දේ තමයි මට විභාගයක් තියෙනව 7,8, ඒකට පාඩම් කරනව, විෂයන් 4යි, ඒත් වැඩ නම් හෙමින් තමයි. ඊලඟට June Term එකේ විභාග තියෙනව 11, 13, ඒකටත් පාඩම් කරන්න ඕනෙ, මොකද ඒ විෂයන් ලේසි උනාට විභාග නම් ලේසි නෑ.
Junior new Inventors preparing for their next competition January 3, 2009
The Junior new inventors (the first 10) are now prepairing for their next competition with another 10 exhibitors of NSF (National science foundation) competing for the USA tour sponsored by Intel. the exhibition will be held on around 20th of January.
They had a workshop on how to prepair display bourds and how to use Autocad and Solidworks to do their designs at the University of Moratuwa on 29th and 30th of December 2008.
Good Luck.
TECHNO 2007 October 17, 2007
TECHNO 2007
This is a big exhibition which is held every year. many people and companies come with there new inventions to show them to others.
Junior New Inventors also show up their inventions at this exhibition. now I’m designing some posters to show with their product at the exhibition with 2 of my friends, at IESL (Institute of Engineers Sri Lanka).



SocialVibe