කතා කරල වෑඩක් නෑ. හරිම කරදර සතියක්. කරදර කිව්වට කරදර නෑ, වැඩ ටිකක් වැඩී. අපේ ගුණපාල සර් වෙනුවෙන් බණක් තිබ්බනෙ බදාද, ඒකෙ වෑඩ තිබ්බ, එදා හවස වැස්සට තෙමිල බ්‍රහස්පතින්ද උණ ගැනුන. පෙනඩෝල් වලින් ගොඩ දාගත්තෙ. අපේ අක්කගෙ රිසර්ච් රිපෝට්ස් ටිකක් හදන්න මම පොඩ්ඩක් හෙල්ප් කළා, ඒවයෙ ප්‍රින්ට් අවුට් ගත්තෙ මම. A4 බන්ඩලයකුයි කාට්‍රිජ් එකහමාරකුයි ඉවර කළා. සිකුරාද එයා අපේ කෑම්පස් එකට ඈවිල්ල ඒව අරගෙන ගියා. අපේ කෑම්පස් එක ඉස්සරහින්මයි බයින්ඩ් කර ගත්තෙත්.
මට පිං දි දී ගියා.
අදත් ආපහු ටිකක් උණ ගතියක් තියෙනව වගේ, හෙට උදෙන්ම බේතක් ගන්න ඕනෙ, අද හවස බේත් ගන්න යන්න හිතාන හිටියෙ, ඒත් එලියට බහින්න බැරිවෙන්න වැස්සනෙ. හික්ස්.
ගිය සතිය October 31, 2009
කාලෙකට පස්සෙ. October 16, 2009
කාලෙකට පස්සෙ කිව්වට සතියක් වගේ නේද? මාරම විදිහට බිසී උනා පහුගිය සති වල. ගිය සතියෙ ටෙක්නෝ නිසා, මේ සතියෙ අපේ ඩිපාර්ට්මන්ට් එකේ සර් කෙනෙක් නැති වෙලා ඒ මල ගෙදර නිසා. කිසිම වෙලාවක් තිබුනෙ නෑ අඩු ගානේ හරියකට මේල් චෙක් කරගන්නවත්. මූණු පොත පැත්තෙවත් යන්න බැරි උනා, ෆෝන් එකෙන් තමයි ස්ටේටස් අප්ඩේට් කළෙත්.
කොහොම හරි මේ වැඩ ගොඩ නිසා මගෙ බර කිලෝ 2,3 ක්වත් අඩුවෙන්න ඇති. ලබන සතියත් ටිකක් වැඩ අධික ලෙස ගෙවිල යාවි, මේ සතියෙ කරන්න බැරි වෙච්චි ලෙක්චර් වලට අමතර ලෙක්චර් කිහිපයක්ම දැම්ම. ඒ මදිවට “HRM and Industrial Relations” subject එකේ inclass test එකක් තියෙනව කිව්ව ලබන සතියෙ, අඩු ගානෙ ඒකෙ නෝට්ස් ටිකවත් හරියට නෑ.
techno 2009 ගැන පසු වදනක් ලියන්න හිටියෙ. (මම එතන දවස් දෙකක් හිටියනෙ, අර මම මුලින් කිව්ව ප්‍රදර්ශන කුටියෙ.) නමුත් වෙලාවක් ලැබුනෙ නෑ, දැන්නම් බෑ කොහොමවත්. අපේ ගුණපාල සර් ගැන නම් පොඩි හරි ලිපියක් ලියන්න ඕනෙ.
ඒ අස්සෙ කොටස් වෙළඳපළත් හෝ ගාල නගිනව, ඒක බලන්නවත් වෙලාවක් නෑ, මට සැළකිය යුතු ලාභයක් ගන්න පුළුවන් දැන් මගෙ ලඟ තියෙන කිහිපයක් වික්කොත් නම්.
තව කියන්න දේවල් නම් තියෙනව, ඒත් කම්මැලී ලියන්න. සතියක්, දෙකක් එකතු වෙච්චි මේල් ටික බලන්න ඕනෙ, මූණු පොතේ මොකද වෙලා තියෙන්නෙ කියල බලන්න ඕනෙ, වැඩ ගොඩයි. බලමුකෝ.
ලංකාවටම විදුලිය නැති වීමට හේතුව October 10, 2009
හැමෝටම හරිම ප්‍රශ්නයක් වෙලා ඇයි මේ ලංකාවටම එක පාරටම විදුලිය නැති උනේ කියල. (ඇත්තටම මට නම් ඒකෙ කිසිම ප්‍රශ්නයක් නෑ, උඹලටත් හුඟක් වෙලාවට නැතුවැති, හික්ස්. කමක් නෑ).
ඒකට හේතුව තාම හරියටම අනාවරණය වෙලා නෑ, නමුත් පැවසෙන්නෙ, කැලණිතිස්ස විදුලි බලාගාරයෙන් පිට වන වෝල්ට් 132,000 රැහැන් පද්ධතියේ කෙළවරක ඇති සම්බන්ධකයක් (Grid එකක්) පිපිරීම නිසා මෙය සිදු උනා කියල. ඒක තමා හේතුව, නමුත් ඉන්පසු යළිත් හරි හැටි විදුලිය යථා තත්වයට පත් කිරීමට දිගු කාලයක් ගත වීම නම් ප්‍රශ්නයක්. (එහෙම විදුලිය නැවතුනොත් එක පාරටම ආපහු දෙන්න බෑ, යන්ත්‍ර, පරිපථ, නවත්තල, ඕෆ් කරල, ඒව මුල සිට යළිත් ක්‍රියාත්මක කළ යුතුයි. වැරැද්දක් උනොත් එහෙම ආපහු මුල සිට කරන්න ඕනෙ.
)
මේ පිළිබඳව පූර්ණ පරීක්ෂාවකින් පසුව වාර්ථාවක් ඉදිරිපත් කරන ලෙස ඉහළින් නියෝග ලැබිල තියෙනවලු. ඊට පස්සෙ තමා මොකද වෙලා තියෙන්නෙ කියල හරියටම දැන ගන්න වෙන්නෙ.
මීට ඉස්සර මෙහෙම ලංකාවටම විදුලිය නැති වෙලා තියෙනව එක පාරක් අසූ ගණන් වල. ඒක වෙලා තියෙන්නෙ එකෙක්ගෙ අත් වැරැද්දක් නිසාලු. ඒ වැරැද්ද සිදු කළ පුද්ගලයා පරීක්ෂණ වලින් පසුව දුෂ්කර පළාතකට මාරු කළාලු.
Techno 2009 ගැන October 10, 2009
මම අද උදේම Techno ගියානෙ. හොඳ වෙලාවට උදේ 10ට ඉස්සෙල්ල යන්න පුළුවන් උනේ. (මම ගෙදර ඉඳන් හොස්ටල් එකටත් ගිහින් තමා ගියේ.) ඇයි 10ටනෙ හමුදා ප්‍රදර්ශනේ පටන් ගන්නෙ, ඊට පස්සෙ ඉතින් යන්න හරිම කරදරයිනෙ. 10ට ඉස්සෙල්ල ගියොත් කිසිම ප්‍රශ්නයක් නෑ, සිරිමාවෝ එක පැත්තෙ ගේට්ටුවෙන් ඇතුළු උනොත් කිසිම කරදරයක් බාධාවක් නැතුව යන්න පුළුවන්, කිසිම් චෙක් කිරීමක්වත් නෑ. මගෙ ලඟ පාස් එකක් තිබ්බ කියලත් වැඩක් උනේ නෑ, ඒක පෙන්නන්නවත් අවශ්‍ය උනේ නෑ කෙලින්ම ඇතුළෙ.
කොහොම හරි ප්‍රදර්ශනේ පටන් අරන් තිබ්බෙ 9ට. ඒත් සෙනඟ නම් නෑ වගේ තමා ඒ වෙලාවෙ නම්, හවස් වෙනකොට නම් සෙනඟ ටිකක් ආව. ඒත් වෙනදට වඩා නම් හරිම අඩුයි. වෙළඳ කුටිත් ටිකක් අඩුයි කියල හිතුන.
කට්ටිය අඩු ඇයි? මට නම් හිතුනෙ, ප්‍රධානම හේතුව විදිහට, “හමුදා ප්‍රදර්ශනය”. ඒක 7 වෙනිදයින් අවසන් කරන්නෙ නැතුව 11 වනදා වෙනකම් කල් දාපු එක Techno එකට එන සෙනඟ ප්‍රමානය සැලකිය යුතු ලෙස අඩු කළා. ඒකට එන අය ඒක බලල යන්න යනව, නැත්තම් මහන්සි නිසා මේ පැත්තෙ එන්නෙ නැතුව යනව. කට්ටියක් “හමුදා ප්‍රදර්ශනේ නිසා පාරවල් වහල, යන්න එන්න ගියාම හරිම කරදරයි” කියල හිතල එන්නෙ නෑ. Techno ගැන මේ පාර දැන්වීම් පළ කලත් මදිද මන්ද.
කොහොම හරි, මේ පාර, ගිය පාරටත් වඩා IESL එකට Techno එකෙන් ලැබෙන ලාභය නම් අඩුයි. ගිය සැරෙත් හිතුව තරම් ලාභයක් ලැබුනෙ නෑ. හෙටත් උදෙන්ම යන්න හිතාන ඉන්නෙ. නොගිහින් ඉන්න හිතුවට හෙටත් යන්න තීරණේ කළා.
මම කස්ටියට ආරාධනය කරනව ඇවිත් Techno 2009 බලන්න කියල. මම ඉන්නෙ “JIY” කුටියෙ. (හැබැයි මම හැමතැනම කරක් ගහනව. එක තැන නම් ඉන්නෙම නෑ. හික්ස්.)
ජූම්ලා සම්බන්ධ ප්‍රශ්නයක්. September 27, 2009
මම මේක සිංහල යුනිකොඩ් ගෲප් එකෙයි, සිංහල බ්ලොග්කරුවන්ගේ ගෲප් එකෙයි දැම්ම, නමුත් තාම පිළිතුරක් නම් ලැබුනෙ නෑ. මම ජූම්ලා වලින් සයිට් එකක් හැදුව (http://madhawa.lkwebhost.com). හැදුවෙ හොස්ටිං එකත් එක්ක එන auto installer එක පාවිච්චි කරල.
මට මේකෙ පොඩි ප්‍රශ්නයක් තියෙනව, සිංහල වලින් මොකුත් දාන්න බෑ. සිංහලෙන් මොනව හරි ටයිප් කරල ඒක සේව් කරපු ගමන් සිංහල අකුරු ටික ????? ???? ටිකකට හැරෙනව.
මේකෙ තීම් එකත් මමම හදපු එකක්. ඒකට ඉස්කෝලපොත ෆොන්ට් එකත් දැම්ම, css එක වෙනස් කරල, ඒත් හරිගියේ නෑ. හරිම ප්‍රශ්නයක්.
මම එතනම හදපු වර්ඩ්ප්‍රෙස් බ්ලොග් එකටත් මේ ප්‍රශ්නෙම ආව (ඒකත් කළේ auto installer එකෙන්: http://madhawa.lkwebhost.com/blog/), නමුත් ඒක ඉවත් කරල. මමම හොස්ට් කළාම එකේ අවුල හරි ගියා. මට මේකට විසඳුමක් තාම හොයාගන්න බැරි උනා. තාම හොයනව.
අද දවස නම් හරිම කාර්යබහුල දවසක්. September 25, 2009
කිව්ව වගේම අද නම් හරිම කාර්යබහුලයි. උදේ එක ලෙක්චර් එකකට ගියා. ඊළඟ ලෙක්චර් එකට යන්න ලෑස්ති වෙනකොට සන්ජය (අර මම කිව්වෙ මාත් එක්ක JIY වැඩ වලට එකතු වෙලා ඉන්න යාළුව.) ඇවිල්ල කිව්ව අන්න ,මීගොඩ සර් කතා කළා, දැන් යන්න ඕනෙ එයාගෙ ඔෆිස් එකට JIY එකෙ වැඩ ටිකක තොරතුරු ටික ගන්න කියල. ඉතින් මොකද කරන්නෙ. සඳුද තියෙන ප්‍රැක්ටිකල් එකේ ලැබ් ශීට් ටික බෙදන එක යාළුවෙක්ට පවරල 10 – 12 ලෙක්චර් එක කට් කරල (මේ සෙමෙස්ටරයෙ පළවෙනි ලෙක්චර් කට් කිරිල්ල.) ගියා කොල්ලුපිටියට (එහෙ තමයි මීගොඩ සර්ගෙ ඔෆිස් එක තියෙන්නෙ, එයා විදුලි බල මණ්ඩලයේ කොල්ලුපිටිය ප්‍රදේශයේ ජ්‍යේෂ්ට ඉංජිනේරුවනෙ.). ඒ තොරතුරු අරන් ආපහු කැම්පස් එනකොට 1.15 යි. සන්ජයට ප්‍රැක්ටිකල් එකට යන්නත් පරක්කු උනා. ඊට පස්සෙ තමා යුද්දෙ පටන් ගත්තෙ. අපේ ඩිපාට්මන්ට් එකට ලබන සතියෙ සඳුද, අඟහරුවාද එනව IESL එකෙන්, පරික්ෂාවකට. ඒකට මේ සතියෙ අපේ කස්ටිය ලෑස්ති වෙනව. ඉතින් ඒ සම්බන්ධ වැඩ වලට අපේ ඩිපාර්මන්ට් එකේ එක එක වැඩ. හැමෝම ඒකට ලෑස්ති වෙන්න ඕනෙ. ළමයින් එක්ක එයාලගෙ සාකච්ඡාවක් තියෙනව, ඒකෙදි මොකද කරන්න ඕනෙ කියල ඊයෙ සර්ල කිව්ව.
ඊට පස්සෙ එයාල අපේ ලැබ්ස් වල රවුමක් යනවලු, ඒ නිසා ප්‍රක්ටිකල්ස් තුනක් දාල තියෙනව සඳුදට. (සඳුද කොහොමත් ප්‍රැක්ටිකල් තියෙන දවසක්) ඒ ප්‍රැක්ටිකල් කරන ළමයි කවුද කියල තීරණය කරන්න හුඟ වෙලාවක් ගියා, මොකද කිව්වොත් මේ පාර විෂයන් තෝරා ගැනීම් කරන්න පුළුවන් නිසා, ළමයි එක එක විෂයන්නෙ තෝරගෙන තියෙන්නෙ, ඒ නිසා කාලසටහන හදන එක නම් පට්ටම ගේමක්, සර් ළමයින්ටත් අඬ ගහල ඒක යන්තම් හදා ගත්ත. එතන තවත් ප්‍රශ්නයක් තිබ්බෙ, ඊයෙත් සමහරු තමුන් කරන විෂයන් වලට ලියාපදිංචි වීම් වෙනස් කරල නිසා කාලසටහනේ වෙනස්කම් කරන්න වෙච්චි එක. ඒකත් ඉවර කරගත්ත යන්තම්.
ඒ අස්සෙම අපේ වසරෙ ළමයින් හුඟක් තාම මේ අධ්‍යයන වර්ෂයට ලියාපදිංචි වෙලා නෑ, ඒක කරන්න ළමයින්ගෙ record books ටිකයි, අදාළ ෆෝම්ස් ටිකයි එකතු කරගත්ත, ඔක්කොම එකතු නොවුනු නිසා ඒකත් කරන්න වෙන්නෙ සඳුදම තමා.
තව අපේ මැඩම් කෙනෙක් කිව්ව අපේ බැච් එකේ ළමයින්ගෙ උසස් පෙළ ප්‍රතිඵල ටික එකතු කරල දෙන්න කියල. ඒකත් යන්තම් කරල දුන්න (ඒත් ඔක්කෝම දෙන්න බැරි උනා, මොකද ඒ වෙනකොටත් සමහරු ගෙවල් බලා ගිහින්). ඒ අතරෙම අපේ අවසන් වසරේ කරන ව්‍යාපෘතිය ගැන අපේ උපදේශක විදිහට ඉන්න අදිකාරි සර් එක්ක කත කරන්න අදට දාගත්තනෙ ඊයෙ. ඒකට යන්නත් උනා, මගෙ අනිත් සගයා ගෙදර ගියා. මම් තනියම ගිහින් සර් එක්ක ඒකත් කතා කරගත්ත. කොහොමෙන් කොහොම හරි ඔය වැඩ ටික ඉවර වෙනකොට 3ත් පහු වෙලා. මම දවල්ට කාල නෑ ඒ වෙනකොටත්. ඉතින් කැන්ටිමට ගිහින් සැන්ඩ්විචස් 2ක් කාල, කිරි බෝතලයක් ගැහුව. ඒකට නිකං මොකද්ද උනා වගේ, ලේසි නෑ 500ml ක් නෙ. ඒ අස්සෙ තව අවුලක්. මමත් එක්ක මගෙ යාළුවෙක් ගිහින් ලැප්ටොප් එකක් ගත්තනෙ. ඒකට යන්තම් ඊයෙ XP දැම්ම, නමුත් ඒකට හරියන drivers නෑ, උන් දීල තියෙන්නෙත් Vista Drivers. ඉතින් මොකද කරන්නෙ. ලැප නෙට් කනෙක්ට් කරල drivers හෙව්ව, කොහෙද එකක්වත් නෑ. යාළුවෙක් තව විසඳුමක් දුන්න, Windows 7 දැමීම. ඉතින් මම ඒ වැඩේ තව යාළුවෙක්ට සෙට් කරල දීල මම ගෙදර එන්න ආව. ඒ 4.30ට. යන්තම් ගෙදරට අදිය තිබ්බම තමා හිතට සැන සිල්ලක් ලැබුනෙ. ඔයාල බලයි මූට මොකද මෙච්චර වැඩ කියල, ඇයි ළමයිනේ මමනෙ අපේ ඩිපාර්ට්මන්ට් එකේ අපේ ගෲප් එකේ රෙපා.
(Level 4 – Group Representative)
මම ලියපු දිගම කමෙන්ට් එක September 11, 2009
අප්පේ මේක ලියන්න ගිහින් මට එපා උනා. මගෙ යාලුවෙක්ගෙ බ්ලොග් එකක මිනිහ පෝස්ට් එකක් දාල, මට චැට් එකේදි කිව්ව උඹේ අදහසුත් ලියපන් කියල කමෙන්ට් එකක් විදිහට. ඉතින් මම ලිවුව.
අද දවස හොඳයි September 10, 2009
අද දවස නම් සතුටු දායක දවසක්, මේක ඊයෙ වෙන්න ඔනෙ උනේ. මාස කිහිපයකට පස්සෙ මගෙ කොටස් වල මිල ඉහළ ගිහින්. මාස ගානක් තිස්සෙ අලාභ පැත්තෙ තිබ්බ මගෙ කොටස් වල අගය අද ලාභ පැත්තට ඇවිල්ල. මේක වෙන්න ඇත්තෙ ඊයෙ, මොකද ඊයෙ කොටස් වෙළඳපල සැලකිය යුතු අගයකින් ඉහළ ගියා, ඒත් මට බලන්න බැරි උනා. අද ගෙදර ඇවිල්ල යන්තම් බැලුවමයි දැක්කෙ.
ඊයෙ තවත් විශේෂ දෙයක් උනා, ඒක ඉස්සරහට කියන්නම්, දැම්ම නෙමේ.
කොහොම හරි මට ඊයෙ වාසනාවන්ත දවසක් වගෙයි. හරිම සතුටුයි…….
ගෙදර ආවා. September 3, 2009
කැම්පස් එකේදි බ්ලොග් එක ලියන එක නම් ටිකක් කරදරකාරියි. සිංහල නැතුව නෙමේ, ගෙදර වගේ ලියන්න ගැළපෙන පරිසරයක් නෑ. ගෙදර මගේම කොම්පියුටරයෙන් විතරයි ලියන්න හිතෙන්නෙ, ඉතින් අද ගෙදර ආපු නිසා ලිපි කිහිපයක් ලියවෙයි, අද, හෙට අනිද්ද දවස් වල. අපේ ඩිපාර්ට්මන්ට් එකේ සිංහල තිබ්බෙ පරිගණක එකක දෙකක විතරයි, ඉතින් මම මේ සතියෙ කළේ අනිත් පරිගණක ඔක්කෝටම සිංහල කිට් එක ස්ථාපනය කරපු එක තමයි. දැන් ටිකක් හරි. ඒත් මම කිව්ව වගේ එහෙදි ලියන්න නම් කම්මැලියි.
ආ,.. තව දෙයක් කියන්න අමතක උනානෙ, ඊයෙ අපේ විශ්ව විද්‍යාලයෙ තිබ්බනෙ “සියබසින් නිමවූ යෙදුම් හා පද්ධති පිලිබඳ සම්මන්ත්‍රණය”ක් (“Symposium on Localised Systems and Applications”). ඒකටත් මම සහභාගි උනා, අපේ මේ Sinhala Blogosphere එකේ ඉන්න කට්ටිය කීප දෙනෙකුත් මුහුණට මුහුණ හමුවෙලා හඳුනා ගැනීමටත් ලැබුන. මම ඒ සම්මන්ත්‍රණය ගැන නම් කියන්න බලාපොරොත්තුවක් නෑ, මේ ලිපියෙන්. ඒ ආපු කිහිප දෙනෙක් හොඳ ලිපි කිහිපයක් ලියයි කියල මම බලාපොරොත්තු වෙනව.
එහෙනම් තවත් හොඳ ලිපි කිහිපයකින් වැඩේ පටාං ගමු.

SocialVibe