Madhawa's Blog

i'm Madhawa Ranga following BSc. in Materials Science and Engineering at the University of Moratuwa.

මේ දවස් වල වැඩ July 30, 2009

Filed under: IESL,Junior new Inventor,today — madhawa.h @ 1:55 pm

මෙ දවස් ටික නම් ටිකක් කාර්යබහුලයි. (එත් නිකං ඉන්න වෙලාවලුත් බහුලයි :), මොකද කිව්වොත් අපේ අර මම කිව්ව ප්‍රොජෙක්ට් එකේ ස්ක්‍රීන් ශොට්ස් ටිකක් යවන්න ඕනෙ අද හෙටම, ඊලඟට වැදගත්ම දේ තමයි මට විභාගයක් තියෙනව 7,8, ඒකට පාඩම් කරනව, විෂයන් 4යි, ඒත් වැඩ නම් හෙමින් තමයි. ඊලඟට June Term එකේ විභාග තියෙනව 11, 13, ඒකටත් පාඩම් කරන්න ඕනෙ, මොකද ඒ විෂයන් ලේසි උනාට විභාග නම් ලේසි නෑ.


ඔන්න ඒ අස්සෙ “වසරේ හොඳම කණිෂ්ට නව නිපැයුම්කරුවා” (Junior New Inventor of the Year) තේරීමේ තරඟයේ වැඩ කටයුතුත් වැටිල, අවසන් 450 දෙනාගෙන් ඊලඟ වටයට යන 100 දෙනා තේරීමේ තරඟ 9 වෙනිද පටන් ගන්නව, ඒකෙ විනිශ්චය වැඩත් කරන්න වෙලා. අවුරුදු 2ක් කරපු එකනෙ, අමාරු වෙන එකක් නෑ, විභාග අස්සෙ වෙච්චි එකයි තියෙන අවුල. ඒකට ඉතින් කොහොම හරි යන්න ඕනෙ. මොකද IESL එකේ වැඩක්නෙ, ඒ වගේ වැඩ වලින් අතුරු ප්‍රයෝජන බොහොමයි. මම IESL එකේ ශිෂ්‍ය සාමාජිකත්වය ගත්තෙත් ගිය අවුරුද්දෙ අන්තිම, ඒත් IESL එක එක්ක මම අවුරුදු 2ක් තිස්සෙ වැඩ කලා.

හ්ම්ම්ම්, දැනට ඇති, මේ ගෙදර ආව විතරයි, කැම්පස් එකේ ඉඳල.


 

අද දවස July 27, 2009

Filed under: today — madhawa.h @ 3:29 am

අද දවස ගැන දවස පටන් ගන්නකොට ලියන්න හිතුන.
උදේ පාන්දරම කැම්පස් ආව. උදේ එන ලෑස්ති වෙන අතරෙ, රූපවාහිනියෙ පත්තර විස්තර බැලුව. කතා ගොඩයි.
මට නම් වැදගත්ම දේ තමයි, ලෝක බැංකු ණය ලැබීම. ඔයගොල්ලො බලනව ඇති මට ඒක වැදගත් කොහොමද කියල. ඇයි මම කොලඹ කොටස් වෙළඳ පළේ චූටි චූටි ආයෝජන කරල තියෙනවනෙ, මේ දවස් වල වැලේ වැල් නෑ, මේ ණය නිසා කොටස් වෙලඳ පළ ඉහල යන්න බොහෝ දුරට ඉඩ තියෙනව. ඒකයි.
තව මොනවද කිව්වේ. ආ, අන්න ඌව, යාපනය, වවුනියාව තැපැල් ඡන්ද දෙන එක පටන් අරන්, රනිල් අංකල්ගෙ කතා, ටයි පටියෙන් බෙල්ලෙ වැල දාගත්තු එක ගෑනු ළමයෙක් මැරිල, තව ගෑනු ළමයි දෙන්නෙක් කනේරු ඇට වර්ගයක් කාල දවස් 7ක් රෝහලේ ඉඳල නැති වෙලා, සංධානයට එකතු වෙච්චි අය, සංවිධායක කම නොලැබුනාට තරහින් ඉන්න අය, බේරුවල හටං, ගම නගමු අලුත්ම විත්ති. තව දේවල් ගොඩයි, මට කැම්පස් බස් එකේ යන්න ඕනෙ නිසා මම ගෙදරින් පිටත් උනා.
ඔන්න ඔහොමයි අද දවස පටාං ගත්තෙ, ඉස්සරහට මොනවද වෙන්නෙ කියල දෙය්යො තමයි දන්නෙ.

 

Macro Photography July 24, 2009

Filed under: photography,today — madhawa.h @ 12:17 pm

නම macro උනාට මේකෙදි කරන්නෙ හුඟාක් පොඩි දේවල් වල ඡායාරූප ගන්න එක.

මේ සතියේ ඡායාරූපකරණය practical එක කලේ macro lense එකක් පාවිච්චි කරල ඡායාරූපයක් ගන්න එක. ඒක නම් නියම අත්දැකීමක්. Micro world එකට එබී බැලීමක්.
අපේ කණ්ඩායමට අවස්ථාව ලැබෙනකම් අපි පොඩ්ඩක් වටේ එහෙ මෙහෙ ගිහින් බැලුව ගන්න හොඳ scenery එකක්. මුලින්ම තෝර ගත්තෙ කූඩලු ගෙඩියක්, ඒකෙ බූව තමයි ගන්න හිතුවෙ. තව වටේ යනකොට දැක්ක ලස්සන මලක්. ඒකෙ රේණු ටික ගන්න හිතුව. ඒත් අපිට ඉස්සෙල්ල කණ්ඩායම් කිහිපයක්ම මල් රේණු ගන්නව දැක්ක නිසා ඒ අදහස වෙනස් කලා. තව ටිකක් එහෙ මෙහෙ බලනකොට දැක්ක, අසෝක මල් පඳුරක අතු අස්සෙ තිබ්බ චූටි මකුලු දැලක්, ඒකෙ හිටිය අබ ඇටයක් විතර විශාල මකුලුවෙක්, ඔන්න දැන් කට්ටියම තීරණේ කලා මේක තමයි හොඳම එක කියල. 5කුත් දාල කැමරාව ලැබෙනකම් හිටිය.

අපිට පාවිච්චි කරන්න ලැබුනු camera එකේ macro lense එක 5X zooming තියෙන එකක්. පට්ට බරයි. ඉතින් වැඩේට සෙට් උනා, යන්තම් zoom කරල මකුලුවගෙ ඇඟට focus කරල ගත්ත, කොහෙද වැඩේ සවුත්තුයි. තව එකක් ගන්න ට්‍රයි කලා, ගහ හුළඟට වැනෙනව. ආපහු ට්‍රයි කලා, මම වැනෙනව. ලේසි වැඩක් නෙමෙයි, පට්ට කට්ටක් කෑවෙ ෆොටෝ එක ගන්න, මොකද අපිට tri-pods තියෙනව කියලයෑ. යන්තම් ඉතින් විනාඩි 15 ක් විතර ට්‍රයි කරල එකක් ගත්ත. නරකමත් නෑ, එහෙම ගත්තු මංගල ඡායාරූපයනෙ. ඒක දාන්න විදිහක් නෑ, සර් එක මේල් කරනව කිව්ව, ලැබුනම දාන්නම්, හැබැයි එච්චරම හොඳ නෑ හොඳේ. ඒත් එහෙම ගත්තු පළමු ඡායාරූපය නිසා ඒක නිසා ඒක මට හොඳයි.

Macro photography ගැන දන්නෙ නැති අය පොඩ්ඩක් විකිපීඩියා එකට ගිහින් බලන්න.

මෙන්න මෙහෙම දේවල් තමයි මේ වගෙ වැඩ වලට ඕනෙ, ඒත් අපිට නම් දුන්නෙ කැමරාව විතරයි, ඉතින් ලේසි වැඩක් නෙමෙයි.

මේකක්ම ඕනෙ නෑ, කවද හරි අන්වීක්ෂයක් පාවිච්චි කරල තියෙන අය දන්නවනෙ, යන්තම් කදාව එහා මෙහා කලොත් කොච්චර වෙනස් වෙනවද කියල පේන දේ.
මේ තියෙන්නෙ macro photography වලින් ගත්තු ෆොටෝ එකක්, මම ගත්තු එකක් නෙමෙයි හොඳේ, මම මේම අන්තර්ජාලයෙන් ගත්තු එකක්.
 

ඇපලෝ සඳ ගමනට වසට 40යි. July 21, 2009

Filed under: ඇපලෝ 11,සඳ ගමන — madhawa.h @ 5:08 pm

ඇපලෝ 11 යානය සඳ මතට ගොඩ බැහැල අදට අවුරුදු 40යි. පොඩි කාලයක් නෙමෙයි. මේ අවුරුදු 40ට අභ්‍යාවකාශ ගවේෂණයේ කොච්චර දියුණුවක් වෙලා තියෙනවද. 1967 ජුලි 20 වනදා කෙනඩි තුඩුවෙන් ඉහළට නැග්ග ඇපලෝ 11 යානය සඳ මත ගොඩ බැස්ස හැටි ලෝකෙම ජනතාව රූපවාහිනියෙන් බැලුව.

මේ තියෙන්නෙ ඇපලෝ සඳ යානය.

මේ ඉන්නෙ යානයෙ ගිය කට්ටිය.

මේක තමයි එයාල සඳ මත පිහිටවපු ඵලකය.

මේ ගැන වැඩිපුර දැනගන්න, විකිපීඩියා කියවන්න.
එදා ඒක දැක්කෙ නැති අය Youtube එකෙන් බලන්න, ඒකෙ හුඟක් වීඩියෝ තියෙනව මේ ගැන. මේවත් බලන්නකෝ.



සමහරු නම් කියනව ඇමරිකාව කලේ බොරුවක් කියල. සීතල යුද්දෙ දිනන්න ඇමරිකාව කරපු බොරුවක් කියල. මමත් කාලයක් ඒක ගැන යලුවො එක්ක වාද විවාද කලා, දැන් නම් ඒ ගැන තියෙන්නෙ උදාසීනාත්මක අදහසක්.
කොහොම හරි දැන් ඉතින් ඒ කාලෙ තිබ්බට වඩා හුඟක් දියුණු තාක්ෂණයක් තියෙනවනෙ, ඒක තව ඉස්සරහට තව තව දියුණු වෙයි නේද?

 

මුහුණු පොතේ සාමජිකයින් ගණන මිලියන 250 ඉක්මවයි July 19, 2009

Filed under: මුහුණු පොත — madhawa.h @ 1:42 pm

පසුගිය 17 වනදා මුහුණු පොතේ ලියාපදිංචි වී ඇති සාමාජිකයින් ගණන මිලියන 250 පසු කල බව Facebook CEO, Mark Zuckerberg පවසා ඇත.
මේ වසරේ මුල් භාගයේදී එහි සාමාජිකයින් ගණන මිලියන 100 ක් පමණ වූ අතර පසු ගිය මාසයේදී එම ගණන මිලියන 200 වී ඇත. මාසයක් පමණ කෙටි කාලයකින් එය මිලියන 250 දක්වා ඉහල නැග ඇත.

මුහුණු පොතේ වර්ධනය මේ සිතියමින් බලන්න.

ඒ කෙසේ වෙතත් ලංකාවෙ නම් මුහුණු පොතේ ඉන්න සෙනඟ ටික නම් හරිම පොඩ්ඩයි. මොකද ලංකාවෙ උන්ට කරන්න වෙන වැඩ තියෙනවනෙ, අනික ලංකාවෙ තාම කීයෙන් කී දෙනාටද පරිගණක තියෙන්නෙ, අන්තර්ජාල සබඳතා එක්ක.

 

RSS තමන්ගෙ ෆෝන් එකට/මේල් එකට ගෙන්න ගන්න July 18, 2009

Filed under: web sites — madhawa.h @ 8:19 pm

මේකත් නියම සයිට් එකක්. මේකෙන් පුලුවන්, ඕනෙම RSS feed එකක updates තමුන්ගෙ, මේල් එකට/ෆෝන් එකට/මැසෙන්ජර් එකට ගෙන්න ගන්න. හරිම ලේසී configure කරගන්න.


ෆ්‍රී එකවුන්ට් එකක් විතරයි හදා ගන්න තියෙන්නෙ. ඊට පස්සෙ ෆෝන් නම්බර් එක, මේල් ඇඩ්‍රස් එක ඇඩ් කරගෙන ලින්ක්ස් ඇඩ් කරල ඕනෙ විදිහට සෙටින්ග්ස් හදාගන්න තමා තියෙන්නෙ.
මේක බැලුවම හොඳට තෙරෙයි.


සයිට් එකට මෙතනින් යන්න.

 

සියලු Status Updates එකම වහලක් යටින් July 17, 2009

Filed under: twitter,web sites — madhawa.h @ 10:39 am

අපේ profiles එක එක සයිට් වල අපි හදාගෙන තියෙනවනෙ. ඒවයෙ තියෙනව status updates දාන්න. ඉතින් හැමදාම ඒ හැම සයිට් එකකටම යන්නෙ නෑනෙ. (අනිත් අය කොහොමද දන්නෙ නෑ, මම නම් එහෙමයි. )

ඉතින් එක තැනක ඉඳන් ඒ හැම එකක්ම අප්ඩේට් කරන්න තියෙනව නම් හොඳයි නේද?
මෙන්න මේ සයිට් එක එහෙම එකක්. http://ping.fm/

මේකෙන් පුලුවන් social networkings sites (FaceBook, LinkedIn, Yahoo 360), Chat Client status (GTalk, Yahoo Massenger, Skype, AOL, Windows Live) වල අප්ඩේට්ස් දාන්න, ඒ වගේම, මේල් යවන්න, sms කරන්න, බ්ලොග් එකේ පෝස්ට් එකක් දාන්න උනත් පුලුවන්.

ආ අමතක උනානෙ, ට්වීට් කරන්නත් පුලුවන්.


ඒ එකවුන්ට්ස් කිහිපයක් එකතු කරල ගෲප් එකක් හදා ගත්තම, එක පාර කිහිපයක් අප්ඩේට් කරන්න පුලුවන්.
මේකට සපෝට් කරන iphone app එකක්, iGoogle Widget එකක් එහෙමත් තියෙනව. තව ගොඩක් දේවල් ඒකෙ තියෙනව.
ගිහිල්ලම බලන්නකො, මට නම් මේක හුඟක් ප්‍රයෝජනවත් සයිට් එකක්.