Madhawa's Blog

i'm Madhawa Ranga following BSc. in Materials Science and Engineering at the University of Moratuwa.

කොටස් වෙළඳපළ ක්‍රියාකාරිත්වය බලන්නේ කොහොමද? December 1, 2009

Filed under: share market — madhawa.h @ 3:42 am


කොටස් වෙළඳපළ ආයෝජනය කළා වගේ නෙමෙයිනෙ, එතන මොනවද වෙන්නෙ කියල විමසිල්ලෙන් ඉන්න එපැයි, නේද? හරි හරි, ඉතින් කොහොමද කොටස් වෙළඳපළ ගැන බලන්නෙ? කොටස් වෙළඳපළ තුළ සිදුවන වෙළඳාම් පිළිබඳව දිනපතා පුවත්පත් වල (උදා:Daily News), කොටස් වෙළඳපළ තුළදීම, ඔබගේ තැරැව් කරුවාගේ කාර්යාලයේ පරිගණක වල සහ වෙනත් පොදු ස්ථාන වල, ප්‍රසිද්ධ කරනු ලබනවා. රූපවාහිනී හෝ ගුවන්විදුලි වැඩසටහන් හරහාද ප්‍රසිද්ධ කරනු ලබනවා. ඒ වගේම කොළඹ කොටස් නිකුතුවේ වෙබ් අඩවිය (www.cse.lk) තුළද එදිනෙදා සිදුවන වෙළඳාම් පිළිබඳව තොරතුරු ලබා දෙනව. ඒ වගේම ඔයාලට පුළුවන් කොටස් වෙළඳපළ මගින් නිකුත් කරන දිනපතා, සතිපතා, මාසික, කාර්තු, වාර්ෂික වාර්තා පරික්ෂා කරන්න, ඒව ඔවුන්ගේ වෙබ් අඩවියෙන් නොමිලේම ලබා ගත හැකියි. මෙම වාර්තා වල, වෙළඳපළ පිළිබඳ සංඛ්‍යාලේඛන, කොටස් මිල ගණන්, වෙනත් ප්‍රයෝජනවත් තොරතුරු අඩංගු වෙනවා.

මේ ඔක්කොටම අමතරව ඒ ඒ කොටස් තැරැව්කාර සමාගම්, කොටස් වෙළඳපළ පිළිබඳව සමීක්ෂණයන් සිදුකර සකස් කරන ලද සමීක්ෂණ වාර්තාද ඔබට එම සාමාගම් වෙතින් කියවිය හැකියි.
මේ හැමදෙයක්ම බලල ඔබට පුළුවන් වෙළඳපළ පිළිබඳව හරි හැටි අවබෝධ කර ගැනීමට. මීළඟට බලමු ඒ ඒ සමාගම් ගැන දැනගන්න හැටි.

කොටස් වෙළඳපළ පිළිබඳ පරණ ලිපි කියවන්න.
Advertisements
 

3 Responses to “කොටස් වෙළඳපළ ක්‍රියාකාරිත්වය බලන්නේ කොහොමද?”

  1. බුද්ධික Says:

    බොහොම ස්තූතියි,මම බලන්න ගියා තැරව්කාර සමාගම්,ashaphilips හොදයිද?එයාලගේ ඕනිම ගානකින් cdax දෙනවා කීවා,සමහරු කීවා 25ක් වත් තියෙන්න ඕනි කියලා.අයියාගේ අදහස මොකක්ද?

  2. H. Madhawa Ranga Says:

    Asha Phillips කියන්නෙ ලංකාවෙ තියෙන හොඳම හා විශාලම තැරැව්කාර සමාගම් වලින් එකක්. ඒක හුඟක් හොඳ එකක්. cdax software එක support කරන සමාගම් ගැන මගෙ පරණ ලිපියක ඇති බලන්න.ආයෝජනය පටන් ගන්න පුළුවන් lower limit එකක් නෑ, නමුත් අඩුම ගානෙ 10000කින් වත් පටන් ගත්තෙ නැත්තම් ටිකක් කරදරයි (කරදරයි කිව්වෙ ඔයාට ඔයාගෙ අතේ තියෙන ගානට, කොටස් මිලට ගන්න පුළුවන් සමාගම් ප්‍රමාණය අඩුයි.)අවදානමට බය නම් පටන් ගන්න 10000ක් වගේ ගානකින්. හැබැයි සැළකියයුතු ගාණක් හොයා ගන්න ටික කාලයක් යයි. නැත්තම් ඊට වඩා දැම්මොත් ඔයාට ගන්න පුළුවන් ආදායම නම් වැඩි වෙයි. Asha phillips හුඟක් හොඳ තැරැව්කාර සමාගමක්.

  3. මනුසත් Says:

    uba liyana ewa mama nitarama blanawa, eth adai comment ekak damme. ela ela good work !


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s