Madhawa's Blog

i'm Madhawa Ranga following BSc. in Materials Science and Engineering at the University of Moratuwa.

New Blog January 28, 2016

මේ බ්ලොග් අඩවිය ලිවීම මම නවතා ඇති අතර, මාගේ පවත්වාගෙන යන බ්ලොග් අඩවිය වෙත පහත සබැඳියෙන් යන්න.

http://madhawaweblog.blogspot.com

මීට අමතරව මාගේ අනෙකුත් බ්ලොග් අඩවිද පරික්ෂා කර බලන ලෙස ආරාධනා කරමි.

කොටස් වෙළඳපළ ආයෝජන අත්වැල = http://www.guidetocse.com

ඡායාරූපකරණ අත්වැල = http://www.photographylk.com

වෘත්තීය මාර්ගෝපදේශන අත්වැල = http://careerguidancelk.blogspot.com

හරිත තාක්ෂණ බ්ලොග් අඩවිය = http://buildgreensl.blogs.com.com

 

ස්තුතියි.

 

3D Stereograms July 3, 2009

Filed under: 3D Stereograms — madhawa.h @ 1:18 pm
මේකට සිංහලෙන් කියන්නෙ මොකද්ද කියල නම් මම දන්නෙ නෑ. ඉංග්‍රීසියෙන් කියන්නෙ 3D Stereograms කියල. මේ පහල තියෙන රූපෙ දැක්කම මොකද්ද හිතෙන්නෙ? මොකුත් නෑ?
ඔයාලට මතකද, අර චූටි චූටි බුද්ධ රූප ගොඩක් තියෙන රූපෙ. එක දිහා බලා හිටියම ලොකු බුද්ධ රූපයක් මැවිල පේන? අන්න ඒ වගේ රූපයක් තමා මේ.
තෙරෙන්නෙ නැද්ද බලන්න? සමහරුන්ට මේක බලන්න හරි ලේසි, සමහරුන්ට උත්සාහ කලාම බලන්න පුලුවන්, හැබයි ටික දෙනෙක් ඉන්නව මේව බලන්න කොහොමවත්ම බැරි, ඒ අයට තමුන්ගෙ ඇස් වල නාභි දුර තමන්ට ඕනෙ ඕනෙ විදිහට වෙනස් කරන්න බෑ.
පොඩි උදව්වක් දෙන්නම්. මෙන්න මේ සටහනේ විදිහට බලන්න උත්සාහ කරන්න. ඇස් දෙක අනන්තයට නාභිගත කරල රූපෙ දිහා බලන්න ඕනෙ. මමත් පුරුදු උනෙ ඔහොම තමා, ටිකක් අමාරු වෙයි සමහරුන්ට. උත්සාහ කරන්නකො.

වැඩේ හරි නේද? ඒ විදිහට මේ පහල තියෙන එක බලන්න. ඒක බලන්න හරි ලේසි රූපයක්. මේකෙ ලස්සන සමනයෙක් හැංගිලා ඉන්නව. දැක්කද?



මේක බලන්නකො. මේ රූපෙ ඇතුළෙ බුදු පිළිමයක් හැංගිලා තියෙනව.


මට අර හැමතැනම තියෙන රූපෙ හොයා ගන්න බැරි උනා, කවුරු හරි දන්නවනම් තියෙන තැනක් හෝ කාගෙ ලඟ ඒක තියෙනවනම්, මට කියන්න. මටත් ඒක හොයාගන්න ඕනෙ.
මෙන්න මෙතන තියෙනව තව ලස්සන රූප ටිකක්. ගිහින් බලන්නකෝ.
මේ මම මගෙ අනිත් බ්ලොග් එකට දාපු පෝස්ට් එක. ඕනෙ නම් ඒකත් කියවල බලන්න.