Madhawa's Blog

i'm Madhawa Ranga following BSc. in Materials Science and Engineering at the University of Moratuwa.

ඔන්ලයින් වර්ඩ් ප්‍රොසෙසරයකින් බ්ලොග් ලිපියක් ලියුවෙමි. November 7, 2009

Filed under: online tools,web sites — madhawa.h @ 3:19 pm

මේක මම ලියන්නෙ http://www.zoho.com වල තියෙන zoho writer එකෙන්, මේක online word processor එකක්, google writer එක වගේ (හැබැයි ඊට වඩා දියුණුයි), මෙතනින්ම බ්ලොග් එකකට පෝස්ට් කරන්න පුළුවන්. මෙතන තියෙන WIZWIG editor එකේ ගොඩාක් options තියෙනව, සාමාන්‍ය blog editor එකට වඩා.

මේ තියෙන්නෙ zoho writer එකේ පෙනුම.
zoho writer
 මේ වගේ සංකේත, සමීකරණ දාන්නත් පුළුවන්.
money-mouthembarassedsurprisedwinkcoolfoot in mouth මේ වගේ smilies දාන්නත් පුළුවන්.
තව හුඟක් දේවල් දාන්න පුළුවන්, වගු, ඉරි, headers, footers, page numbers, etc….
spell check එකක්, thesaurus එකක්, MS word වල තියෙන තවත් options ගොඩක් තියෙනව, ආ, mail merge හිටං තියෙනව. font එක වෙනස් කරන්න (ෆොන්ට් ජාති ගොඩක් තියෙනව), superscript, subscript, colouring text, etc…
මෙතන ඉඳන්ම document එක mail කරන්න, blog එකට යවන්න, ……
ට්‍රයි කරල බලන්නකො, http://www.zoho.com
මෙතන තව හුඟක් දේවල් කර්න්න පුළුවන්.
මේ තියෙන්නෙ එතනදි කරන්න පුළුවන් වෑඩ.


Zoho Show Zoho Show Online presentation tool Zoho Invoice Zoho Invoice Online Invoicing. Quick and Easy
Zoho Writer Zoho Writer Online word processor Zoho Reports Zoho Reports Online Database & Reporting
Zoho CRM Zoho CRM On-demand Customer Relationship Management solution Zoho Creator Zoho Creator Online web applications creator
Zoho Planner Zoho Planner Online organizing tool Zoho Docs Zoho Docs Online Document Management
Zoho Sheet Zoho Sheet Online spreadsheet service Zoho Meeting Zoho Meeting Web Conferencing
Zoho Share Zoho Share Centralized Public Repository Zoho Notebook Zoho Notebook Online Note Taker
Zoho Projects Zoho Projects Project Management Zoho Wiki Zoho Wiki Online Wiki with public, private & group permissions
Zoho Chat Zoho Chat Instant messaging and group chat tool




 

ගූගල් වෙබ් අඩවි පරිවර්තන ටූලය (Website Translator Gadget) නිකුත් කරයි October 2, 2009

Filed under: ගූගල්,google,translation,web sites — madhawa.h @ 2:41 pm


ඉංග්‍රීසි හෝ වෙනත් භාෂාවක වෙබ් අඩවියක් කියවන්න, එම භාෂාව අපි දැන සිටිය යුතු වෙනව. මේ ප්‍රශ්නය නිසා සමහර වෙබ් අඩවි ලොව පුරාම භාවිත වීම අඩු වෙනව. (එම භාෂාව දන්නා අය විතරනෙ ඒක බලන්නෙ.) මේ නිසා එම පුද්ගලයින්ට උදව් කිරීමට, ගූගල්, වෙබ් අඩවියක් වෙනත් භාෂාවකට පරිවර්තනය කළ හැකි ටූලයක් ඉදිරිපත් කරල තිබෙනව.
මේක ක්‍රියාත්මක වෙන්නෙ “Google Translate” හරහා. මේ මගින් ඔබේ වෙබ් අඩවිය භාෂා 51කින් පෙන්වීමට ඔබට හැකියාව ලැබෙනව. ඉතින් මේක දාගත්තට පස්සෙ. ඔබේ අඩවියට යමෙක් පැමිණෙන විට, ඔබේ අඩවියේ භාෂාව හා ඔහුගේ/ඇයගේ වෙබ් බ්‍රවුසරයේ භාෂාව නොගැළපෙනවනම්, ඔහුට හෝ ඇයට, ඔබේ අඩවිය විසින්, අඩවිය තුළ පවතින තොරතුරු, ඔවුන්ගේ භාෂාවට පරිවර්තනය කළ යුතුදැයි අසාවි.



මේක කරගන්න හරිම ලේසී. ඔබට තිබෙන්නෙ, ගූගල් විසින් ලබා දෙන පොඩි කේත කොටස ඔබේ වෙබ් පිටුවට ඇතුළු කිරීම පමණයි.
හැබැයි පොඩි දෙයක් කියන්න ඕනෙ, මේකෙන් හරියටම හරි විදිහටම පරිවර්තනය වෙන්නේ නෑ. පොඩි පොඩි වෙනස්කම්, අවුල් වෙනව. ඒ නිසා සමහර දේවල් පරිවර්තනයෙන් පස්සෙ තේරුම් ගැනීමේ අපහසුතා එන්න පුළුවන්. වෙබ් පිටුව තුළ හුඟාක් තාක්ෂණික දේවල් නම් තියෙන්නෙ මේක හුඟක්ම ලෙඩ දෙයි.


ඒ උනාට ඉතින් මේ වැඩේ අගයන්න ඕනෙ, මොකුත් නැතුවට වඩා මෙහෙම එකක් හරි තියෙන එක ලොකු දෙයක්නෙ. අනේ ඉතින් මේ භාෂා 51ට සිංහලත් දාගන්න පුළුවන් නම් ගොඩම තමා. ඒත් ඒක වෙයි කියල නම් හිතන්න ටිකක් අමාරුයි, මොකද ලෝකෙ සිංහල භාවිත කරන්නන් ප්‍රමාණය ඉතා සුළු ප්‍රමාණයක් නිසා.

 

RSS තමන්ගෙ ෆෝන් එකට/මේල් එකට ගෙන්න ගන්න July 18, 2009

Filed under: web sites — madhawa.h @ 8:19 pm

මේකත් නියම සයිට් එකක්. මේකෙන් පුලුවන්, ඕනෙම RSS feed එකක updates තමුන්ගෙ, මේල් එකට/ෆෝන් එකට/මැසෙන්ජර් එකට ගෙන්න ගන්න. හරිම ලේසී configure කරගන්න.


ෆ්‍රී එකවුන්ට් එකක් විතරයි හදා ගන්න තියෙන්නෙ. ඊට පස්සෙ ෆෝන් නම්බර් එක, මේල් ඇඩ්‍රස් එක ඇඩ් කරගෙන ලින්ක්ස් ඇඩ් කරල ඕනෙ විදිහට සෙටින්ග්ස් හදාගන්න තමා තියෙන්නෙ.
මේක බැලුවම හොඳට තෙරෙයි.


සයිට් එකට මෙතනින් යන්න.

 

සියලු Status Updates එකම වහලක් යටින් July 17, 2009

Filed under: twitter,web sites — madhawa.h @ 10:39 am

අපේ profiles එක එක සයිට් වල අපි හදාගෙන තියෙනවනෙ. ඒවයෙ තියෙනව status updates දාන්න. ඉතින් හැමදාම ඒ හැම සයිට් එකකටම යන්නෙ නෑනෙ. (අනිත් අය කොහොමද දන්නෙ නෑ, මම නම් එහෙමයි. )

ඉතින් එක තැනක ඉඳන් ඒ හැම එකක්ම අප්ඩේට් කරන්න තියෙනව නම් හොඳයි නේද?
මෙන්න මේ සයිට් එක එහෙම එකක්. http://ping.fm/

මේකෙන් පුලුවන් social networkings sites (FaceBook, LinkedIn, Yahoo 360), Chat Client status (GTalk, Yahoo Massenger, Skype, AOL, Windows Live) වල අප්ඩේට්ස් දාන්න, ඒ වගේම, මේල් යවන්න, sms කරන්න, බ්ලොග් එකේ පෝස්ට් එකක් දාන්න උනත් පුලුවන්.

ආ අමතක උනානෙ, ට්වීට් කරන්නත් පුලුවන්.


ඒ එකවුන්ට්ස් කිහිපයක් එකතු කරල ගෲප් එකක් හදා ගත්තම, එක පාර කිහිපයක් අප්ඩේට් කරන්න පුලුවන්.
මේකට සපෝට් කරන iphone app එකක්, iGoogle Widget එකක් එහෙමත් තියෙනව. තව ගොඩක් දේවල් ඒකෙ තියෙනව.
ගිහිල්ලම බලන්නකො, මට නම් මේක හුඟක් ප්‍රයෝජනවත් සයිට් එකක්.

 

ට්විටරයේ ගූගල් July 16, 2009

Filed under: twitter,web sites — madhawa.h @ 3:16 pm

මම මගෙ ඉංග්‍රීසි බ්ලොග් එකේ නම් ට්විටරය ගැන හුඟක් කියල තියෙනව, මේකෙ ඒ ගැන ලියන පළවෙනි බ්ලොග් පෝස්ට් එක. ගූගල් එක, එයාලගෙ එක එක නිෂ්පාදන සඳහා ට්විටරයේ එකවුන්ට් හදල තියෙනව. ඔයාලත් ට්විටරයේ ඉන්නව නම් කැමත්තක් තියෙන ඒව follow කරන්න. මෙතනින් ඒ ලිස්ට් එක බලන්න.


 

laptop එක භාවිතයෙන් Wireless hotspot එකක් නිර්මාණය කිරීම July 2, 2009

Filed under: web sites — madhawa.h @ 3:53 pm

මෙහෙම එකක් ඕනෙ කියල හිතුනෙ හොස්ටල් එකේ අන්තර්ජාල පහසුකම් නැති නිසා. ඒත් HSPA බට්ටො නම් වටේම තියෙනවනෙ.

මෙන්න මෙතන තියෙනව කරන හැටි. මෙහෙම එක්කෙනෙක් කලොත් වටේ කට්ටියට හවුලෙ එක internet connection එකක් බෙදා හදාගෙන වැඩ කරගන්න පුලුවන්. (හැබැයි ඉතින් මේක කරන්න පුලුවන් වල laptop තියෙන අයට විතරයි. )