Madhawa's Blog

i'm Madhawa Ranga following BSc. in Materials Science and Engineering at the University of Moratuwa.

ගිය සතිය October 31, 2009

Filed under: today — madhawa.h @ 4:04 pm

කතා කරල වෑඩක් නෑ. හරිම කරදර සතියක්. කරදර කිව්වට කරදර නෑ, වැඩ ටිකක් වැඩී. අපේ ගුණපාල සර් වෙනුවෙන් බණක් තිබ්බනෙ බදාද, ඒකෙ වෑඩ තිබ්බ, එදා හවස වැස්සට තෙමිල බ්‍රහස්පතින්ද උණ ගැනුන. පෙනඩෝල් වලින් ගොඩ දාගත්තෙ. අපේ අක්කගෙ රිසර්ච් රිපෝට්ස් ටිකක් හදන්න මම පොඩ්ඩක් හෙල්ප් කළා, ඒවයෙ ප්‍රින්ට් අවුට් ගත්තෙ මම. A4 බන්ඩලයකුයි කාට්‍රිජ් එකහමාරකුයි ඉවර කළා. සිකුරාද එයා අපේ කෑම්පස් එකට ඈවිල්ල ඒව අරගෙන ගියා. අපේ කෑම්පස් එක ඉස්සරහින්මයි බයින්ඩ් කර ගත්තෙත්.
මට පිං දි දී ගියා.
අදත් ආපහු ටිකක් උණ ගතියක් තියෙනව වගේ, හෙට උදෙන්ම බේතක් ගන්න ඕනෙ, අද හවස බේත් ගන්න යන්න හිතාන හිටියෙ, ඒත් එලියට බහින්න බැරිවෙන්න වැස්සනෙ. හික්ස්.

 

කොටස් වෙළඳපළ ආයෝජනය ගැන රුපවාහිනී වෑඩසටහනක් ලඟදීම October 27, 2009

Filed under: share market — madhawa.h @ 6:06 pm
 

Google Friend Connect එක දැන් WordPress වලටත්

Filed under: ගූගල්,google,wordpress — madhawa.h @ 4:12 pm



Google Friend Connect ගෑන දන්නවනෙ? ඔන්න දෑන් එම ප්ලගිනය WordPress සඳහාත් සකසල. මෙමගින් කියවන්නන්ට මෙම wordpress බ්ලොග් සඳහාත් Google, OpenID, yahoo, AIM, හරහා ලොග් වෙන්න පුළුවන්. මෙමගින් ලොග් වන විට, එම ප්ලගිනය මගින් ඊට අදාල ලෙස wordpress ගිණුමක් අරඹනවාලු.

Google Friend Connect
කවුරු හරි ලිපියකට අදහස් දෑක්වු විට ඒවා Friend Connect activity stream එකේ පෙන්නනවා.
වෑඩි විස්තර සඳහා ගූගල් කෝඩ් වෙබ් අඩවියට යන්න.
උදාහරණ හා ආදර්ශන මෙතනින් හා මෙතනින් බලන්න.


 

කොටස් වෙළඳපළ ආයෝජනයේ අනෙකුත් වාසි October 25, 2009

Filed under: share market — madhawa.h @ 6:01 pm


සමාවෙන්න ඕනෙ ටිකක් පරක්කු උනාට. මේකෙ මුල් ලිපිය පළ කරල මාසෙකටත් වැඩියිනෙ. කමක් නෑ, එහෙනම් පටන් ගනිමු.

අර මුලින් කිව්ව ප්‍රධාන වාසි වලට අමතරව මොනවද තියෙන අමතර වාසි?

ඔබට අවස්ථාව ලැබෙනව එම සමාගම් වල වාර්ෂික රැස්වීම් වලට සහභාගි වීමට හා එම රැස්වීම වලදි ඡන්දය ප්‍රකාශ කිරීමට (ඔබ ඡන්ද බලය සහිත කොටස් නම් අරන් තියෙන්නෙ.) 
එම කොටස් හිලව්වට තබා බැංකු ණය ලබා ගැනීමට. 
තවත් කිහිපයක් තිබෙනව.

Right Issues, Bonus Issues සහ Share Splits
මොනවද මේ Right issues?
සමහර සමාගම්, කාලෙකට තමුන්ගෙ කොටස් අඩු මිලට මිලදී ගන්න කොටස් හිමි කරුවන්ට ඉඩ දෙනව. එම කොටස් වල වටිනාකම පෙර තීරණය කරනු ලැබූ අගයක්. ඒක බොහෝ විට සාමාන්‍ය වෙළඳපළ අගයට වඩා පහළ එකක්, හැබැයි එහෙම නොවෙන්නත් පුළුවන්. 
මෙහිදී වෙන්නෙ, එම සමාගමේ කොටස් හිමියන්ට පුළුවන්, අනුපාතයක් ලෙස අඩු මිලට එම සමාගමේ කොටස් මිලදී ගන්න. 
උදා: ABC සමාගම එම සමාගමේ කොටස් හිමියන්ට එක කොටසක මිල රු.10 බැගින් කොටස් 10කට එක බැගින් right issues නිකුත් කරනව. ඔබ ලඟ ABC සමාගමේ කොටස් 1000ක් තිබේ නම් ඔබට පුළුව්න් රු.10 බැගින් එම සමාගමේ කොටස් 100ක් right issues විදිහට මිලදී ගන්න.
සාමාන්‍යයෙන් right issues නිකුත් කරනව කිව්වම, එම සමාගමේ කොටස් වල මිල ඉහළ යනව, එතකොට ඔබට පුළුවන් ඉහල ලාභයක් තියාගෙන ඔබ ලඟ ඇති එම සමාගමේ කොටස් විකුණන්න. Right issues දුන්න කියල ඒක මිලදී ගැනීම අත්‍යවශ්‍ය නෑ, ඕනෙ නම් විතරයි ගන්න ඕනෙ. මෙහෙම දෙන්නෙ කාලෙකට විතරයි, එම කාල පරාසය එම right issues නිකුත් කිරීමත් සමඟම කියනව, ඒකට කියන්නෙ Ex-Rights Period (“XR”) කියල.
එතකොට Share Splits?
සමහර වෙලාවට සමහර සමාගම්, තමුන්ගෙ කොටස් කැබලි වලට කඩනව. ඒකත් අර ඉස්සෙල්ල වගේම දවසක් තීරණය කරල කරන දෙයක්. 
මේකෙන් බලාපොරොත්තු වෙන්නෙ share volume එක ඉහළ නැංවීම හා කොටස් වල මිල පහළ හෙලීම වගේ දේවල් තමයි.
උදා: ABC සමාගම කියනව, මෙන්න මේ දවසින් පස්සෙ අපේ සමාගමේ කොටස් එකක් දෙකකට බැගින් බෙදනව කියල. ඔබ ලඟ ABC සමාගමේ කොටස් 100ක් තිබෙනවනම්, එම දිනෙන් පසු ඒක 200ක් වෙනව.
Bonus Issues හෙවත් Capitalization of Funds
සමහර වෙලාවට සමහර සමාගම් මෙහෙම වැඩත් කරනව, එයාල කියනව, අපේ කොටස් හිමිකරුවන්ට, අපි නොමිලේ කොටස් දෙනව කියල. මේකෙන් එම සමාගමට මුදල් ලැබෙන්නෙ නම් නෑ, නමුත් ඒ කොටස් වල වටිනාකම කොටස් හිමියාට ලැබෙනව. 
උදා: ABC සමාගමේ කොටස් හිමිකරුවන්ට කොටස් 10කට එක කොටස බැගින් නොමිලේ කොටස් දෙනව කිව්වොත්, ඔබ ලඟ එම සමාගමේ කොටස් 100ක් තිබෙනවනම්, ඔබට පුළුවන් මෙම නොමිලේ ලබා දෙන කොටස් 10 අරගෙන ඔබ ලඟ ඇති එම සමාගමේ කොටස් ටික 110ක් කරගන්න. පොඩි දුක හිතෙන කතාවක් නම් තියෙනව, bonus issues හුඟ කාලෙකින් කවුරුවත් දීල නෑ.
වාසි ඉවරයි, තවත් හොරතුරු ඉදිරියට.
 

මයික්‍රොසොෆ්ට් හා ගූගල්, ට්විටරය සමඟ ගිවිසුම් ගසති October 24, 2009

Filed under: මුහුණු පොත,google,microsoft,twitter — madhawa.h @ 5:58 pm


මේ දෙගොල්ලො, ට්විටරයේ ස්ටේටස් අප්ඩේට්ස් බිං හා ගූගල් සෙවුම් වලට ඇතුළත් කිරීමට අවසර ඉල්ලා ගිවිසුම් ගහලලු. මුහුණු පොත සමඟත් මෙහෙමම කතා කරල කියලත් ආරංචියි.


Google’s Marissa Mayer writes:

we are very excited to announce that we have reached an agreement with Twitter to include their updates in our search results. We believe that our search results and user experience will greatly benefit from the inclusion of this up-to-the-minute data, and we look forward to having a product that showcases how tweets can make search better in the coming months. That way, the next time you search for something that can be aided by a real-time observation, say, snow conditions at your favorite ski resort, you’ll find tweets from other users who are there and sharing the latest and greatest information.



http://googleblog.blogspot.com/2009/10/rt-google-tweets-and-updates-and-search.html


හැබැයි මේකත් එක්ක තවත් අනතුරුදායක තත්වයක් එනව, තමුන්ගෙ යාළුවන්ට විතරක් දැනගන්න දාන ස්ටේටස් එක (සමහරවිට පෞද්ගලික දේවලුත් දානවනෙ.) මුළු ලෝකයාටම මේක නිසා පේන්න සැළැස්වෙනව.
නමුත් කියැවෙන්නෙ එහෙම වෙන්නෙ නෑ කියල. මුහුණු පොත එහෙම, එසේ සෙවුම් යන්ත්‍ර වල ලැයිස්තුගත වන ඒව සීමා කරන්න, තේරීමක් කරන්න, අවශ්‍ය තේරීම් කිරීමට හැකි ලෙස සැකසුම් හදාවිලු.


මොකද වෙන්නෙ කියල ඉතින් පොඩ්ඩක් බලා ඉන්න තමයි තියෙන්නෙ.

 

වින්ඩෝස් 7 ගැන

Filed under: windows,windows 7 — madhawa.h @ 3:34 pm



වින්ඩෝස් 7 ගැන යූටියුබ් එකේ තියෙන විඩියෝ කිහිපයක්.


මේ වින්ඩෝස් 7 නිකුත් කිරීම සම්බන්ධයෙන් කතාවක්.



මේ පොඩි විචාරයක්



මේ තවත් විචාරයක්



මෙන්න විස්ටා සමඟ සැසඳීමක්




 

ට්විටරය ට්වීට් බිලියන 5 ඉක්මවයි October 21, 2009

Filed under: twitter — madhawa.h @ 5:58 pm


මොකද්ද දන්නවද ඒ ට්වීට් එක? “Oh Lord”
මේක ආවෙ ට්විටරයේ සේවකයෙන්ගෙන්වත්, ප්‍රසිද්ධ පුද්ගලයෙකුගෙනවත් නෙමෙයි, “bio writer and web generalist” කෙනෙකුගෙන්. නම Robin Sloan.


 

කොටස් වෙළඳ පළ මේ දවස් වල October 20, 2009

Filed under: share market,today — madhawa.h @ 11:57 am


ළමයි දන්නවද මේ දවස් වල මාකට් එක ගන්නම දෙයක් නා, ඔක්කොම වගේ බැහැගෙන බැහැගෙන යනව. මේ ඔක්කොටම හේතුව අර දෙමළ ඇමරිකන් ඩයල් එක කරපු වංචාව. ඒ යකා හැම එකෙන්ම වගේ කොටස් අරන් තිබ්බ නිසා, 
දැන් මාකට් එක හිටු කියල බහිනව. පහු ගිය දවස් කිහිපයේම මාකට් එකේ තත්ත්වෙ ඍණ ගියේ. අදත් එහෙමම තමා. බලන්නකො අද තත්වෙ.

මෙහෙම බැස්මක් නම් මතක ඇති කාලෙක තිබ්බෙ නෑ. (දන්න කාලෙක.) හැබැයි ළමයිනේ ටික දවසකින් මේක ආපහු හරියනව, වැඩේට බැහල කොටස් ටිකක් අරන් තියන්න පුළුවන් නම් ගොඩේ ගොඩ තමා. ආයි හොඳ ලාභයක් ගන්න පුළුවන් වෙනව ෂුවර්.

 

කාලෙකට පස්සෙ. October 16, 2009

Filed under: today — madhawa.h @ 5:25 pm



කාලෙකට පස්සෙ කිව්වට සතියක් වගේ නේද? මාරම විදිහට බිසී උනා පහුගිය සති වල. ගිය සතියෙ ටෙක්නෝ නිසා, මේ සතියෙ අපේ ඩිපාර්ට්මන්ට් එකේ සර් කෙනෙක් නැති වෙලා ඒ මල ගෙදර නිසා. කිසිම වෙලාවක් තිබුනෙ නෑ අඩු ගානේ හරියකට මේල් චෙක් කරගන්නවත්. මූණු පොත පැත්තෙවත් යන්න බැරි උනා, ෆෝන් එකෙන් තමයි ස්ටේටස් අප්ඩේට් කළෙත්.
කොහොම හරි මේ වැඩ ගොඩ නිසා මගෙ බර කිලෝ 2,3 ක්වත් අඩුවෙන්න ඇති. ලබන සතියත් ටිකක් වැඩ අධික ලෙස ගෙවිල යාවි, මේ සතියෙ කරන්න බැරි වෙච්චි ලෙක්චර් වලට අමතර ලෙක්චර් කිහිපයක්ම දැම්ම. ඒ මදිවට “HRM and Industrial Relations” subject එකේ inclass test එකක් තියෙනව කිව්ව ලබන සතියෙ, අඩු ගානෙ ඒකෙ නෝට්ස් ටිකවත් හරියට නෑ.
techno 2009 ගැන පසු වදනක් ලියන්න හිටියෙ. (මම එතන දවස් දෙකක් හිටියනෙ, අර මම මුලින් කිව්ව ප්‍රදර්ශන කුටියෙ.) නමුත් වෙලාවක් ලැබුනෙ නෑ, දැන්නම් බෑ කොහොමවත්. අපේ ගුණපාල සර් ගැන නම් පොඩි හරි ලිපියක් ලියන්න ඕනෙ.
ඒ අස්සෙ කොටස් වෙළඳපළත් හෝ ගාල නගිනව, ඒක බලන්නවත් වෙලාවක් නෑ, මට සැළකිය යුතු ලාභයක් ගන්න පුළුවන් දැන් මගෙ ලඟ තියෙන කිහිපයක් වික්කොත් නම්.
තව කියන්න දේවල් නම් තියෙනව, ඒත් කම්මැලී ලියන්න. සතියක්, දෙකක් එකතු වෙච්චි මේල් ටික බලන්න ඕනෙ, මූණු පොතේ මොකද වෙලා තියෙන්නෙ කියල බලන්න ඕනෙ, වැඩ ගොඩයි. බලමුකෝ.

 

ලංකාවටම විදුලිය නැති වීමට හේතුව October 10, 2009

Filed under: today — madhawa.h @ 5:31 pm


හැමෝටම හරිම ප්‍රශ්නයක් වෙලා ඇයි මේ ලංකාවටම එක පාරටම විදුලිය නැති උනේ කියල. (ඇත්තටම මට නම් ඒකෙ කිසිම ප්‍රශ්නයක් නෑ, උඹලටත් හුඟක් වෙලාවට නැතුවැති, හික්ස්. කමක් නෑ). 
ඒකට හේතුව තාම හරියටම අනාවරණය වෙලා නෑ, නමුත් පැවසෙන්නෙ, කැලණිතිස්ස විදුලි බලාගාරයෙන් පිට වන වෝල්ට් 132,000 රැහැන් පද්ධතියේ කෙළවරක ඇති සම්බන්ධකයක් (Grid එකක්) පිපිරීම නිසා මෙය සිදු උනා කියල. ඒක තමා හේතුව, නමුත් ඉන්පසු යළිත් හරි හැටි විදුලිය යථා තත්වයට පත් කිරීමට දිගු කාලයක් ගත වීම නම් ප්‍රශ්නයක්. (එහෙම විදුලිය නැවතුනොත් එක පාරටම ආපහු දෙන්න බෑ, යන්ත්‍ර, පරිපථ, නවත්තල, ඕෆ් කරල, ඒව මුල සිට යළිත් ක්‍රියාත්මක කළ යුතුයි. වැරැද්දක් උනොත් එහෙම ආපහු මුල සිට කරන්න ඕනෙ. 😦 ) 
මේ පිළිබඳව පූර්ණ පරීක්ෂාවකින් පසුව වාර්ථාවක් ඉදිරිපත් කරන ලෙස ඉහළින් නියෝග ලැබිල තියෙනවලු. ඊට පස්සෙ තමා මොකද වෙලා තියෙන්නෙ කියල හරියටම දැන ගන්න වෙන්නෙ. 
මීට ඉස්සර මෙහෙම ලංකාවටම විදුලිය නැති වෙලා තියෙනව එක පාරක් අසූ ගණන් වල. ඒක වෙලා තියෙන්නෙ එකෙක්ගෙ අත් වැරැද්දක් නිසාලු. ඒ වැරැද්ද සිදු කළ පුද්ගලයා පරීක්ෂණ වලින් පසුව දුෂ්කර පළාතකට මාරු කළාලු.