Madhawa's Blog

i'm Madhawa Ranga following BSc. in Materials Science and Engineering at the University of Moratuwa.

Techno 2009 ගැන October 10, 2009

Filed under: IESL,techno,today — madhawa.h @ 5:08 pm


මම අද උදේම Techno ගියානෙ. හොඳ වෙලාවට උදේ 10ට ඉස්සෙල්ල යන්න පුළුවන් උනේ. (මම ගෙදර ඉඳන් හොස්ටල් එකටත් ගිහින් තමා ගියේ.) ඇයි 10ටනෙ හමුදා ප්‍රදර්ශනේ පටන් ගන්නෙ, ඊට පස්සෙ ඉතින් යන්න හරිම කරදරයිනෙ. 10ට ඉස්සෙල්ල ගියොත් කිසිම ප්‍රශ්නයක් නෑ, සිරිමාවෝ එක පැත්තෙ ගේට්ටුවෙන් ඇතුළු උනොත් කිසිම කරදරයක් බාධාවක් නැතුව යන්න පුළුවන්, කිසිම් චෙක් කිරීමක්වත් නෑ. මගෙ ලඟ පාස් එකක් තිබ්බ කියලත් වැඩක් උනේ නෑ, ඒක පෙන්නන්නවත් අවශ්‍ය උනේ නෑ කෙලින්ම ඇතුළෙ.  
කොහොම හරි ප්‍රදර්ශනේ පටන් අරන් තිබ්බෙ 9ට. ඒත් සෙනඟ නම් නෑ වගේ තමා ඒ වෙලාවෙ නම්, හවස් වෙනකොට නම් සෙනඟ ටිකක් ආව. ඒත් වෙනදට වඩා නම් හරිම අඩුයි. වෙළඳ කුටිත් ටිකක් අඩුයි කියල හිතුන. 
කට්ටිය අඩු ඇයි? මට නම් හිතුනෙ, ප්‍රධානම හේතුව විදිහට, “හමුදා ප්‍රදර්ශනය”. ඒක 7 වෙනිදයින් අවසන් කරන්නෙ නැතුව 11 වනදා වෙනකම් කල් දාපු එක Techno එකට එන සෙනඟ ප්‍රමානය සැලකිය යුතු ලෙස අඩු කළා. ඒකට එන අය ඒක බලල යන්න යනව, නැත්තම් මහන්සි නිසා මේ පැත්තෙ එන්නෙ නැතුව යනව. කට්ටියක් “හමුදා ප්‍රදර්ශනේ නිසා පාරවල් වහල, යන්න එන්න ගියාම හරිම කරදරයි” කියල හිතල එන්නෙ නෑ. Techno ගැන මේ පාර දැන්වීම් පළ කලත් මදිද මන්ද. 
කොහොම හරි, මේ පාර, ගිය පාරටත් වඩා IESL එකට Techno එකෙන් ලැබෙන ලාභය නම් අඩුයි. ගිය සැරෙත් හිතුව තරම් ලාභයක් ලැබුනෙ නෑ. හෙටත් උදෙන්ම යන්න හිතාන ඉන්නෙ. නොගිහින් ඉන්න හිතුවට හෙටත් යන්න තීරණේ කළා. 
මම කස්ටියට ආරාධනය කරනව ඇවිත් Techno 2009 බලන්න කියල. මම ඉන්නෙ “JIY” කුටියෙ. (හැබැයි මම හැමතැනම කරක් ගහනව. එක තැන නම් ඉන්නෙම නෑ. හික්ස්.)

 

වැඩ ඉවරයි, පුදුම සැහැල්ලුවක්. October 9, 2009

Filed under: IESL,Junior new Inventor,techno — madhawa.h @ 5:07 pm

අප්පේ, Techno එකේ වැඩ වලට පහුගිය සතියෙ මහන්සි වෙලා එපාම වෙලා හිටියෙ. දවස් 3ක් ලෙක්චර් ඔක්කොම කට්. පෙරෙයිද උදේ ඉඳන් රෑ 9.30 වෙනකම් IESL එකේ. නිදා ගත්තෙ ඊයෙ පාන්දර 4.30ට. ආපහු උදේ 6ට ඇහැරුනා. ඊයෙත් IESL එකේ, IESL එකෙන් පිටත් උනේ රෑ 12.30ට. හොස්ටල් එකට ඇවිත් නිදා ගන්නකොට පාන්දර 2යි. 
අද උදේ තියෙන ලෙක්චර් 2 කට් කරල නිදා ගන්න හිතාන හිටියෙ, කොහෙද උදේ 6.30ට ගානට ඇහැරුනානෙ. මම හිතුවෙ අඩු ගානෙ 8 වෙනකම්වත් හොඳට නින්ද යයි කියල, කොහෙද….
ඊට පස්සෙ එකෙක් කියපි “මචන් කරන්ට් නෑ, වතුර නැතිවෙයිද දන්නෙ නෑ, නැගිටල නා කියා ගනින්” කියල. ඉතින් මොනව කරන්නද, නැගිටල එහෙමම ලෑස්ති වෙලා කැම්පස් ගියා. උදේ ලෙක්චර් එකට හිටිය. කරුවලේම ලෙක්චර් එක කළා. මමත් නිදි කිර කිර නෝට්ස් ත් ලියා ගත්ත. දෙවෙනි එක කට් කරල ගෙදර එන්න හිතාන හිටියෙ මම උදේ නැගිට්ට වෙලේ ඉඳන්, ඉතින් මුල ලෙක්චර් එක ඉවර වෙලා මම ඩිපාට්මන්ට් එකෙන් එලියට ආව, ඔන්න කියනව ඒ ලෙක්චර් එක කැන්සල් කියල. ඔය වැඩේ මට උනු පළවෙනි පාර නෙමෙයි මේ, ලෙක්චර් කට් කරන්න ගියාම ලෙක්චර් කැන්සල් වෙච්චි.
ඉතින් ගෙදර ඇවිත් දවල්ට කාල නිදා ගත්ත, හොඳට නින්ද ගියා. ඊට පස්සෙ නැගිටල නා කියාගෙන කොම්පියුටරේ ඉස්සරහින් වාඩි උනා. සින්ඩිය පැත්තෙත් රවුමක් ගැහුව.
කොහොම හරි, පොතේ හැටියට මම අද BMICH එකේ IESL එකේ “JIY” Stall එකේ ඉන්න ඕනෙ. (Organising උනාම අපි නැතුව බෑනෙ, හික්ස්.) ඒ උනාට මහන්සියයි, නිදිමතයි නිසා මම ගෙදර ආව, හෙට උදේ පාන්දරම යන්න ඕනෙ BMICH පැත්තෙ. Free Passes තියෙන නිසා අවුලක් වෙන එකක් නෑ කියල හිතනව, ඒත් තාම හමුදා ප්‍රදර්ශනේ ඉවර නෑනෙ. ඒක තමා ලෙඩකට හිටියොත්.

පොඩ්ඩක් Tchno ගැනත් කියන්න එපැයි. මේක කරන්නෙ ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනය මගින්. (IESL- The Institution of Engineers, Sri Lanka) සම්පූර්ණයෙන්ම තාක්ෂනික ප්‍රදර්ශනයක්. රජයේ ආයතන, විශ්ව විද්‍යාල, වෙළඳ ආයතන වලින් මේකෙ තමුන්ගෙ ප්‍රදර්ශක වෙළඳ කුටි තියනව. තමුන්ගේ හැකියාවන්, නව නිෂ්පාදන තමයි මකෙ පෙන්නන්නෙ. විශේෂම ප්‍රදර්ශක කුටි විදිහට NERD ආයතනයේ ප්‍රදර්ශක කුටිය, කනිෂ්ඨ නව නිපැයුම් කරුවන්ගේ ප්‍රදර්ශක කුටිය (JIY, මම හිටියොත් ඉන්නෙ මෙතන තමා. හෙට, අනිද්ද, මම ඉන්න ඉඩ තියෙනව, දැක්කොත් කතා කරන්න හොඳේ.), රොබෝ තරඟාවලිය, විශේෂයි. (දෙවන හා තෙවන දෙකම IESL එකෙන් තමා කරන්නෙ.)

 

Techno 2008 is here October 13, 2008

Filed under: bmich,techno,techno 2008,techno exhibition — madhawa.h @ 5:19 am

Techno 2008 Technology Fair wil be held on 17th to 19th October at BMICH – Sri Lanka.

Why should you participate
Techno 2008 will present a unique opprtunity to local and foreign Industrialist , Manufactures and Suppliers to meet Professinals and Distributors to promote their products and services inthe South & South Asia Maekets. more >>

The theme
“Bring out and unleashing country’s multi-disciplinary engineering talents to drive Sri Lanka into technological Excellence for revolutionary uplifting of people’s living condition and prosperity”

Techno Events

Organized by Institute of Engineers – Sri Lanka (IESL)

 

TECHNO 2007 October 17, 2007

Filed under: exhibition,IESL,techno — madhawa.h @ 7:26 am

TECHNO 2007

This is a big exhibition which is held every year. many people and companies come with there new inventions to show them to others.
Junior New Inventors also show up their inventions at this exhibition. now I’m designing some posters to show with their product at the exhibition with 2 of my friends, at IESL (Institute of Engineers Sri Lanka).